Wednesday, May 15, 2024

General line - 0115112241

තඹ කම්හලේ සේවකයාගෙන් ප්‍රශ්න කරන්න අවසර

අධිකරණ වාර්තාකරු




පසුගිය අප්‍රේල් 21 දින කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ යැයි සැකපිට අත් අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලක සේවය කළ සේවකයින් අතරින් ඇප මත මුදා නොහරින ලද නඩුවේ දස වන සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනය අද (13) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නා.

ඒ අනුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති කරුපයියා රාජේන්ද්‍ර අබ්දුල්ලා යන අයගෙන් හෙට (14) සහ අනිද්දා (15) යන දින දෙක තුළදී ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබා දෙන ලදී .

කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ සිදු කල මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධ වූ ඉන්සාන් ඊබ්‍රාහිම් ට අයත් තඹ කර්මාන්ත ශාලාවේ මෙම සැකකරු සේවය කර ඇති අතර අනෙක් සේවකයින් 9 දෙනා මේ වන විට ඇප මත මුදාහැර ඇත.