Thursday, May 16, 2024

General line - 0115112241

විමල්ට එරෙහි නඩුවක් අගෝස්තු 5 වනදා විභාගයට




මහජනතාවට හිරිහැර වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට පවරා ඇති නඩුවක් ලබන අගෝස්තු මස 5 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළා. අදාල උද්ඝෝෂණය පැවැත්වුනේ 2016 වසරේ පෙබරවාරි මස 6 වනදායි.

මෙම උද්ඝෝෂණය සඳහා බලපත්‍ර නොමැතිව ශබ්ධ විකාශන යන්ත්‍ර ද භාවිත කර ඇතැයි නඩුවේදී චෝදනා නගා තිබෙනවා. වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක, රොජර් සෙනවිරත්න සහ මොහමඞ් මුසම්මිල් මෙම නඩුවෙන් චෝදනා ලබෘ සිටින සෙසු අයයි.