Wednesday, May 15, 2024

General line - 0115112241

තවත් සැකකරුවකු හදුනාගැනීමට සිතුවම් 4 ක් මාධ්‍යයට (PHOTOS)

මහේෂ් චතුරංග




පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව තවත් පුද්ගලයෙකු හඳුනා ගැනීම සදහා පොලීසිය මහජන සහය පතනවා. මෙම පුද්ගලයා කොච්චිකඬේ දේවස්ථානයට බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදී ගැනීමට සහ එහි නවීකරණයන් සඳහා සහභාගී වී සිටි අයෙකු බවයි පොලීසිය සැකකරන්නේ. 

ආරක්ෂක අංශ විසින් පසුව ආරක්ෂිතව පුපුරුවා හැරුනේද අදාල වෑන් රථයයි. එහි ලියාපදිංචි හිමිකරු කිංගස්බරි හෝටලයේ පුපුරුවා හැරීම සිදුකල බෝම්බකරු බව මීට පෙර තහවුරු කර ගැනුණා. දැන් හදුනා ගැනීමට මහජන සහය පතන පුද්ගලයා වෑන් රථයේ නවීකරණය සඳහා ගොස් ඇත්තේ ද ඔහු සමග බවයි පොලීසිය පවසන්නේ. අණාවරණ වූ සාක්ෂි වලට අනුව ඔහුගේ සිතුවම් 4 ක් නිර්මාණ කර ඇතැයිද මෙහිදි ප්‍රකාශ කෙරුණා. ඒ අනුව ඔහු පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ. 

මේ ඒ පිළිබඳ කරුනු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර. 

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 011 24 22 176 සහ 011 23 92 900 යන දුරකථන අංක ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ විස්තර ලබාදිය හැක.