Sunday, May 12, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC ඩිසල් මිල අඩු කරයි : පෙට්‍රල් මිල වැඩි කරයි

හේමන්ත කහවලගේ




ලංකා අයි. ඕ. සී සමාගම අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල අඩුකර තිබෙනවා. ඒ ලීටරයක් රුපියල් 9 කින්. ඒ අනුව ලංකා අයි. ඕ. සී සමාගම හෙට සිට ඩීසල් අලෙවි කරන්නේ ලීටරයක් රුපියල් 104 කටයි. 

කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් මිල වැඩි කිරීමට ද ලංකා අයි. ඕ. සී සමාගම තීරණය කර තිබෙනවා. ඒ ලීටරයක් රුපියල් 5 කින්. ඒ අනුව ලංකා අයි. ඕ. සී සමාගම හෙට සිට ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවි කරන්නේ ලීටරයක් රුපියල් 140 කටයි. 

පාරිභෝගිකයන්ගේ ඉල්ලීම සහ වෙළදපොල සංවේදිතාව සැලකිල්ලට ගෙන ඩීසල් මිල මෙලෙස අඩුකළ බවද එහෙත් ලෝක වෙළදපොලේ මිල ඉහළ යාම නිසා සිදුවන පාඩු අවම කර ගැනීම සඳහා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල වැඩිකළ බවද ලංකා අයි. ඕ. සී සමාගම කියා සිටියා. ලංකා අයි. ඕ. සී සමාගම මෙම ඉන්ධන මිල සංශෝධනය සිදුකළ ඇත්තේ ඉන්ධන මිල සූත්‍රය අනුව ඉකුත් 10 වනදා ඉන්ධන මිල සංශෝධනයට අතිරේකවයි.