Monday, May 13, 2024

General line - 0115112241

"අන්තවාදී කි‍්‍රයා මැඩලීමට ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට බාධා කරන්න එපා"

සජිත් තිලකරත්න




ආරක්ෂක අමාත්‍යාංශය ලබා දෙන තොරතුරු මත පමණක් විශ්වාසය තබන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පවසනවා.

සමාජ මාධ්‍ය සහ අසත්‍ය SMS පණිවිඩ, බුද්ධි තොරතුරු ලෙස නොසලකන ලෙසයි ඔහු මෙහිදී සඳහන් කළේ. 

ප‍්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්තා හේතුවෙන් අන්තවාදී කි‍්‍රයා මැඩලීමට ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල වන බැවින් එවැනි කි‍්‍රයාවලට සම්බන්ධ නොවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

මේ අතර යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක ප‍්‍රකාශ කළේ කලහකාරී ලෙස හැසිරෙන පිරිස් සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට යුද හමුදාවට ද සිදුවනු ඇති බවයි.