Monday, May 13, 2024

General line - 0115112241

"අවම බලය යෙදීමේදී සමහරවිට වෙඩි උණ්ඩයක් පත්තු කරන්න සිදු වෙනවා"

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




අවවාද කර නොසන්සුන්තා පාලනය කිරීමට නොහැකි වුවහොත්, ති‍්‍රවිධ හමුදාවට අවම බලය යෙදවීමට සිදුවන බව නාවික හමුදාව පවසනවා. 

මේ හේතුවෙන් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා කියා සිටියේ. 

එහිදී "කලහකාරී පිරිස් පාලනය කිරීම සඳහා අවම බලය යෙදීමේදී සමහරවිට වෙඩි උණ්ඩයක් පත්තු කරන්න සිදු වෙනවා. අවම බලය යෙදවීමේ ක්‍රියා පිළිවෙතක් තියෙනවා. ඒ අනුව අපි අවම බලය ඒ පුද්ගලයන්ට එරෙහිව යොදවන්න සිද්ධ වෙනවා. ඒක ත්‍රිවිධ හමුදාවට ලැබිලා තියෙන උපදෙස්. අපිට බොහොම කණගාටුදායක තත්ත්වයකට පත්වෙන්න වෙනවා.. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම. පුද්ගලයෙකුට තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු වෙන්නේ ඔහු හමුදා අණට අවනත නොවී ඔහුගේ අභිමතය පරිදි දේපළ හානියක් හෝ ජීවිත හානියක් කරන්න යොමු වෙලා ඉන්න අවස්ථාවකදී. " යනුවෙන් සඳහන් කළා.

කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය යටතේ නීතිය දැඩි ලෙස කි‍්‍රයාත්මක කරන බව ද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ප‍්‍රකාශ කළා. 

මේ වනවිට සියලු ප‍්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.