Sunday, May 12, 2024

General line - 0115112241

නැගෙනහිර පළාතේ දෙමළ කාන්තාවන් විශාල පිරිසක් ඉස්ලාම් ආගමට හරවාගෙන - අන්තවාදීන්ගේ උත්සහයක් සිව සේනා සංවිධානය හෙළිකරයි

දිනසේන රතුගමගේ




හින්දු භක්තිකයින් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ වැඩ පිළිවෙළක් නැගෙනහිර පළාතේ සීඝ්‍රයෙන් සිදුව ඇති බව උතුරේ සිව සේනා සංවිධානය සඳහන් කරනවා.

දුප්පත් විශාල පිරිසක්ව බලහත්කාරයෙන් මෙලෙස ඉස්ලාම් ආගමට හරවා ගෙන සිටින බවයි ඔවුන් චෝදනා කරන්නේ.

සිව සේනා සංවිධානයේ යාපනය සංවිධායක ශ්‍රී සිවසුබ්‍රමනියම් කුරුක්කල්වරයා කියා සිටින්නේ පසුගියදා ක්‍රියාත්මක වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ද  විවාහ වී සිටි පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් ''සාරා'' නැමති  කාන්තාවද ඒ අන්දමට ඉස්ලාම් අගමට හරවා ගන්නා ලද හින්දු කාන්තාවක් බවයි.

විවාහ යෝජනා ඉදිරිපත් කිරීම්, නිවාස තනාදීම් හා වෙනත් වරප්‍රසාද මත නැගෙනහිර පළාතේ විශාල කාන්තාවන් පිරිසක් රවටා  අන්තවාදී මුස්ලිම් කොටස් විසින් ඉස්ලාම් ආගමට හරවා ගත් බව කියන උතුරේ සිව සේනා සංවිධානය පෙන්වා දෙන්නේ, යුද සමයේදී දෙමළ තරුණියන් විශාල පිරිසක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉස්ලාම් ආගම වැළද ගෙන මුස්ලිම් නම්වලින් පෙනී සිට ඇති බවයි.

ඉස්ලාම් අගමික අන්තවාදීන්ගේ විවිධ අපරාධ ක්‍රියා සඳහා මෙම කාන්තාවන් යොදවා ගැනීම හා ඔවුන් ඔස්සේ ආරක්ෂාව සපයා ගැනීම සිදු කෙරෙන බවද ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව නැගෙනහිර පළාතේ සිටින ආගම් මාරු කළ දෙමළ කාන්තාවන් පිළිබඳව සොයා බැලිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.