Monday, May 13, 2024

General line - 0115112241

කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරකයාට පියාගෙන් මසකට රු.30000/-ක්

අධිකරණ වාර්තාකරු




පසුගිය අප්‍රේල් මස 21 දා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාල මරණ පරීක්ෂණය අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වූ අතර එහිදී  අලව්දීන් අහමඩ් මුවාස් යන බෝම්බකරු තම පුතා ලෙසට හදුනා ගත් බව ඔහුගේ දෙමව්පියන් අධිකරණයට දන්වා සිටියා.

බෝම්බකරුවන්ගේ හිස කොටස නිරීක්ෂණය කළ පසු එය පුතාගේ සිරුර ලෙසට හදුනාගත් බව පියා ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දන්වන ලදී . සිය පුතා රැකියාවක් සිදු නොකළ බවත් එහෙත් සයින්දමරුදු ප්‍රදේශයේ කාන්තාවක් සමග ඔහු විවාහ වී සිටි බව පියා අධිකරණයට ප්‍රකාශ කර සිටියා. තවද තමා මසකට රුපියල් 30,000 ක මුදලක් තම පුතාට යැවීමට කටයුතු කළ බව පියා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙම බෝම්බකරුවන්ගේ සහෝදරයින් දෙදෙනෙකු රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කර ඇත .

 බෝම්බකරු සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණය විසින් රස පරීක්ෂකවරයාට නියෝග කර ඇත.මේ අතර කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරු එම ස්ථානයට පැමිණ ඇත්තේ  කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට අයත් වාහනයකින් බවට අනාවරණය වී ඇති බවට පොලිසිය මීට පෙර අධිකරණයට දන්වන ලදී.