Monday, May 13, 2024

General line - 0115112241

සිසුන්ට ටැබ් දෙන මුදල් 'පාසල් විද්‍යුත් ආරක්ෂක පද්ධතියක්' වෙනුවෙන් යොදවන්න ලු

හේමන්ත කහවලගේ/නිශාන් ද සිල්වා




උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදෙනවාට වඩා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් විද්‍යුත් ආරක්ෂක පද්ධතියක් ලබාදීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව බවයි. 

විදෙස් රටවලින් ඒ සඳහා ආධාර උපකාර ලබාගැනීමට ද පහසු අවස්ථාවක් ඇති බැවින් ඒ සඳහා සක‍්‍රීය මැදිහත්වීමක් සිදු කරන ලෙසයි මන්ත‍්‍රීවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. 

ප‍්‍රාථමික අංශය ඇතුළු සියලූ ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් ඉකුත් සඳුදා ආරම්භ කෙරුණා. සඳුදා දිනයට සාපේක්ෂව ඊයේ (14) දිනය වනවිට සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.