Saturday, May 18, 2024

General line - 0115112241

වාහන ආනයන ව්‍යාපාරයත් කඩා වැටෙන ලකුණු

දිල්ශාන් තුෂාර




රටේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් වාහන ආනයනකරුවන්ද පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් පැවසුවේ සිය ව්‍යාපාර මේ වනවිට නොකෙරෙන තත්ත්වයකටම පත්ව ඇති බවයි. 

මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ.

සිය ව්‍යාපාර රැක ගැනීමට රජයෙන් සහන අපේක්‍ෂා කරන බව ද වාහන ආනයනකරුවන් වෙනුවෙන් ඉන්දික සම්පත් මෙරින්චිගේ මෙහිදී කියාසිටියා.

අපේක්ෂිත සහන නොලැබුණහොත් සිය ව්‍යාපාර කඩා වැටෙනු ඇතැයිද එය අවසාන වශයෙන් රටේ ආර්ථිකයට තවදුරටත් අහිතකර බලපෑමක් ඇති කරනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ නිසාම රැකියා අවස්ථා ගණනාවක් ද අහිමි වනු ඇති බවයි ඉන්දික සම්පත් මෙරින්චිගේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.