Saturday, May 18, 2024

General line - 0115112241

මෙල්බර්න්හි ශ්‍රී ලාංකිකයන් මෙවරත් වෙසක් සමරයි

ඩිල්ෂාන් මඩවල




ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පිහිටුවාගත් Clevelanders සමාජය මෙවරත් වෙසක් කලාපයක් සංවිධානය කර තිබෙනවා. ඒ මෙල්බර්න්, Ashwood, Cleveland Road හිදීයි. දර්ශනීය තොරණක්, පහන් කූඩු වැනි වෙසක් සැරසිලි මෙන්ම දන්සැල්ද මෙම වෙසක් කලාපයට ඇතුලත් වනවා.

කෙසේවෙතත් මෙම වෙසක් කලාපය පැවැත්වීමට එරට බලධාරීන්ගෙන් අවසර ලැබී ඇත්තේ පැය කිහිපයක් සදහා පමණයි. ඒ අනුව වෙසක් පුර පසලොස්වක පෙහොය යෙදී ඇති හෙට මැයි 18 එහි වේලාවෙන් පස්වරු 6 සිට 9 දක්වා මෙම වෙසක් කලාපය පැවැත්වෙනු ඇති.

කැඩැක්බැරි සමාජය මෙලෙස වෙසක් කලාපයක් සංවිධාන කරන දෙවන අවස්ථාව මෙයයි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි Ashwood ප්‍රදේශයට නවමු අත්දැකීමක් ලෙස ඉකුත් වසරේදී ඔවුන් පළමු වරට වෙසක් කලාපයක් සංවිධන කළා. මෙවරත් මෙම වෙසක් කලාපයට පැමිණ වෙසක් සිරි විදිගන්නා ලෙස ඔවුන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.