Saturday, May 18, 2024

General line - 0115112241

බදියුදීන්ට එරෙහි එක චෝදනාවක් හෝ ඔප්පු කළහොත් විශ්වාසභංගයට පක්ෂ වීමට සුදානම් - හේෂා විතානගේ

දිල්ශාන් තුෂාර




ජාතික තව්හිද් ජමාද් සංවිධානය වැනි අන්තවාදී සංවිධානයකට උපකාර කිරීමට තරම්, තමන් මෝඩයෙකු නොවන බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා. තමන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් කතානායකවරයා වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාව පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු වලින් එක් චෝදනාවක් හෝ ඔප්පු කළ හැකි නම් තමන් ද, එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ නෙත් නිවුස් වෙත පැවසුවේ.