Sunday, May 19, 2024

General line - 0115112241

ජනතාවගේ භක්තිවන්ත භාවයේ කිසිදු පසුබෑමක් නැහැ - කථානායක




අන්තවාදීන් විසින් පෝෂණය කළ ත්‍රස්තවාදයේ කුරිරු අත්දැකීමක අමිහිරි මතකය සමඟින් මෙවර වෙසක් සැමරීමට සිදු වුවද, බෞද්ධ ජනතාව සතු විශ්වාසය, අවබෝධය සහ භක්තිවන්ත භාවයේ කිසිදු පසුබෑමක් නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. වෙසක් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කථානායකවරයා පෙන්වා දෙන්නේ මෙය තව තවත් ධර්මයට සමීප වෙමින් බුදුන් වහන්සේ පෙන්වාදුන් මාර්ගයේම ගමන් කිරීමට ධෛර්ය ලැබිය යුතු මොහොතක් බවයි. 

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ද වෙසක් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ නොඉවසිලිවන්තකම සහ භේදය වර්ධනය වන කාලයක ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම සහ අන්‍යන්ට සේවය කිරීම පිළිබඳ බුදු වහන්සේගේ පණිවුඩය කවරදාකටත් වඩා අදට අදාළ වන බවයි.