Sunday, May 19, 2024

General line - 0115112241

බදියුර්දීන්ට එරෙහි විශ්වාසභංගය ගැන තීන්දුවකට එජාපය තවත් කල් ගනියි




අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය පී හැරිසන් පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අනුරාධපුරයේ දී මාධ්‍යවේදීන් අද කළ විමසීමකදීයි. 

මන්ත්‍රීවරුන් 66 දෙනෙකුගේ අත්සන් සහිතව අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත ඉකුත්දා භාරදුන්නා.