Sunday, May 19, 2024

General line - 0115112241

බුර්කාව ගැන මංගලගේ මතය පැහැදිළි කරයි

හේමන්ත කහවලගේ




ඉස්ලාම් කාන්තාවන් බුර්කාව පැළඳීම තමන්ද අනුමත නොකරන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. එහෙත් බුර්කාව පැළඳීම නීතියෙන් තහනම් කිරීම ද තමන් අනුමත නොකරන බවයි ඔහු පවසන්නේ.

ඒ වෙනුවට තමන් විසින්ම බුර්කාව භාවිතයෙන් ඉවත් කිරීම සඳහා ඉස්ලාම් ප‍්‍රජාව පොළඹවාලිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

පොදු නීතියට අමතරව කිසියම් ජන කොටසක් සඳහා පමණක් වෙනත් නීතියක් ක‍්‍රියාත්මක කිරීම ද තමන් අනුමත නොකරන බවයි අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ. ඒ අනුව ශරියා නීතිය ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමට ද තමන් එකඟ නොවන බව ඔහු පැවසුවා. 

ගැටුම් විසඳා ගත යුත්තේ සාකච්ඡාවෙන් සහ අවබෝධයෙන් බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.