Sunday, May 19, 2024

General line - 0115112241

ඉදිරියේ දී රැකියා පිළිබඳ ඇති වන ගැටලුකාරී තත්ත්වයක් ආර්ථික විශ්ලේෂක අචාර්ය ප‍්‍රියංග දුනුසිංහ පැහැදිළි කරයි

ලහිරු කපුගේ




ශ‍්‍රී ලංකාවේ රැකියා වියුක්තිය ඉදිරියේදී කැපී පෙනෙන ලෙස වැඩි විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

උසස් පෙළින් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියා වෙළඳපොළට පිවිසෙන්නන්ට එහි වැඩිම බලපෑම ඇති විය හැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය ප‍්‍රියංග දුනුසිංහ පවසන්නේ. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ ඊට පසු ඇති වු තත්ත්වයන් නිසා ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෙම වසරේදී ඍණ අගයක් ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ආර්ථික අනුමාන කිහිපයක් උපුටා දක්වමින් නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා. ඒ පිළිබඳ කළ වැඩිදුර විමසීමකදීයි ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ මෙම කරුණු දැක්වූයේ. මේ වන විටත් ඇතැම් ප්‍රතිවිපාක ඇති වෙමින් පවතින බවත් ඒ යටතේ සමහර ආයතන දැනටමත් සේවකයින්ගේ ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කරමින් සිටින බවත් අනෙක් පැත්තෙන් රැකියා උත්පාදනය වීමක් සිදුවන්නේ නැති බවත් සඳහන් කළා.

පුද්ගලයින්ගේ සහ රජයේ ණයගැති භාවය ඉහළ යාමද ඉදිරියේදී සිදු විය හැකි බවයි මෙහිදී විස්තර කෙරුණේ. 

ආර්ථික වර්ධනය ඍණ අගයක් ගතහොත් පුද්ගලයින්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවන බවද ඒ නිසා ව්‍යාපාර සහ ස්වයං රැකියාවල නිරත වන්නන්ද බලපෑමට ලක්වන බවද ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.