Sunday, May 19, 2024

General line - 0115112241

පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන්න : අගමැතිවරයා විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලයි




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) ශ්‍රී ලංකාවේ සිටින විදේශිය තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරු හමුවුණා. රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳවත් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිදු කෙරෙන පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳවත් එහිදි කරුණු පැහැදිලි කෙරුනු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ජන ජීවිතය දැන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ද ආරක්ෂාව තහවුරු කරු ඇතැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී සහතික වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන්ගෙන් සහ මහ කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලීමක් ද කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.