Sunday, May 19, 2024

General line - 0115112241

ජනපති මෛත්‍රී ජයගත් මෝදිට සුබ පතයි




ඉන්දීය මහමැතිවරණයෙන් ජයගත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සුභාසිංශන පළ කළා. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකථන ඇමතුමක් දී මෙලෙස සුභාසිංශන පළකල බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉදිරි පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදි විශ්වාසය පළකර තිබෙනවා.