Friday, May 3, 2024

General line - 0115112241

මහාචාර්ය සරත් විජේසූරියට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

අධිකරණ වාර්තාකරු




අධිකරණයට අපහාස කිරීම පිළිබඳ එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ලබන ජුනි මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය අද මහාචාර්ය සරත් විජේසුරියට නොතීසි නිකුත් කළා. ඒ, 

නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවයි. මහාචාර්ය සරත් විජේසූරිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම  අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇති බවට චෝදනා කරමින් ඔවුන් අදාළ පැමිණිල්ල ගොනු කර තිබෙනවා. ඒ අනුව ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි පැමිණිලිකරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

අදාළ පැමිණිල්ල දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලීමෙන් පසු මහාචාර්ය සරත් විජේසූරියට නොතීසි නිකුත් කළා.