Thursday, May 2, 2024

General line - 0115112241

මහරගම, කොට්ටාව සහ හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම හදිසියේ නවතී




මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම හදිසියේ අත්හිටුවා තිබෙනවා. පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවූ බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. රාත්‍රී 08 පමණ වනවිට ජල සැපයුම නැවත ලබා දීමට හැකිවනු ඇතැයි ද, විශ්වාසය පළ කෙරුණා. 

ලබුගම කලටුවාව සිට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙනවා. එහි අලුත්වැඩියාවන් හේතුවෙනුයි ඉහත ප්‍රදේශවලට ජල සැපයුම හදිසියේ අත්හිටුවීමට සිදුව ඇත්තේ. මේවනවිටත් අලුත්වැඩියාවන් සිදුවෙමින් තිබෙනවා.