Friday, May 3, 2024

General line - 0115112241

අන්තාවාදී සංවිධාන ප්‍රවර්ධනය කරන බේරුවල ප්‍රදේශයේ පිරිසක් සොයා පොලිස් විමර්ශන

තුසිත කුමාර




බේරුවල ප්‍රදේශයේ පුද්ගලයන් අතර තහනම් අන්තවාදී සංවිධාන ප්‍රවර්ධනය වන සමාජ ජාල ක්‍රියාත්මක කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දැනටමත් තොරතුරු රැස්කර ගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් බේරුවල පොලිසිය පැවසුවා. වට්ස්ඇප් ජාල ඔස්සේ එලෙස තොරතුරු සංසරණය කරන පිරිස්වලින් බහුතරයක් තරුණයන් බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.