Friday, May 3, 2024

General line - 0115112241

මුස්ලිම්වරුන් අතරේ ගැටීම ඇතිවීම භයානකයි : නැගෙනහිර ආණ්ඩුකාරවරයා කියයි

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්වය ප්‍රයෝජනයට ගනිමින් පල්ලි කඩා බිද දැමිම තවුහිත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ම්ලා යනුවෙන් අප අතර ගැටිම ඉතා භායනක ක්‍රියාවක් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ පිහිටි තවුහිත් ජමාත් පල්ලියක් මුස්ලිම්වරුන් පිරිසක් කඩා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කරමින්  මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

" මුස්ලිම්වරු තමන් අතර ගැටි තමන්ම විනාශ විය යුතු බව මෙවැනි සිදුවිම් ඇති කිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණ බව කියන ආණ්ඩුකාරවරයා ඒවාට ඉඩ නොතැබිය යුතු බවත් තවුහිත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ලාම් යනුවෙන් ගැටිමෙන් ප්‍රශ්ණයට පිළිතුරු සොයාගත නොහැකි බව ප්‍රකාශ කර සිටියා.පවතින මේ ප්‍රශ්ණය ගැඹුරින් විග්‍රහ කර සමස්ත ලංකා ජමිඉතුල් උලමා සභාව, මුස්ලිම් නායකයන් සහ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තින්දු ගත යුතු බව කියන ආණ්ඩුකාරවරයා ගම්වල තමුන්ගේ පෞද්ගලික කැමැත්තට පල්ලි කඩා බිද දැමිම නොකලයුතු බව මෙහිදී සදහන් කර සිටියි".

" විශේෂයෙන් පල්ලි කැඩිම තවත් කණ්ඩායමක් විරුද්ධව නිවේදනය නිකුත් කිරිම, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ආගමික වශයෙන් පලිගැනිමට තැත්කිරිම , ආගමික බේදිම් ඇති කිරිම ඉතා පහත් නින්දිත අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක් බව" ආණ්ඩුකාරවරයා මක්කම සිට නිකුත් කල නිවේදනයේ දැක්වේ.