Friday, May 3, 2024

General line - 0115112241

විශේෂ කාරක සභාව මාධ්‍යට විවෘත කිරීම ජාතික ආරක්ෂාවට බාධාවක් නොවේ - ආණ්ඩුව කියයි

මහේෂ් චතුරංග




පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ජාතික ආරක්ෂාවට අගතියක් වන ලෙස ක්‍රියා කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම කමිටුවේ සාමාජිකයින් පවසනවා. අරලියගහ මන්දිරයේ අද (31) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රරත්න ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි. 

කාරක සභාව හමුවේ සාක්ෂි  ලබා  දීමට ප්‍රධාන නිලධාරීන් කැදවන අවස්ථා මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රරත්න මෙහිදී කියා සිටියා. 

මෙම කාරක සභාවේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මාන්ත්‍රී ආශු මාරසිංහ ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. 

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රරත්න ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.