Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙනවා : අගමැති මෝදී, ජනපතිට කියයි

සමන්ත කුමාර




ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) පෙරවරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී නායකයින් දෙපළ අතර දෙරටටම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේ ඊයේ (30) දිනයේයි.