Friday, May 3, 2024

General line - 0115112241

විදේශිය හමුදා රටට ඇතුළු වන ගිවිසුම් වලට එරෙහිව මල්වතු අස්ගිරි පාර්ශව සහ කාදිනල් හිමිපාණන් එක්වෙයි

කමල් සුරවීර - මහනුවර




වෙනත් කිසිම රටක හමුදාවකට ශ්‍රී ලංකා මාතෘ භූමියට ඇතුලු වීමට හෝ කඳවුරු බැදීමට අවකාශය සලසන හා ශ්‍රී ලංකා භූමිය විදේශිකයන්ට අවශ්‍ය පරිදි භාවිතා කළහැකි වන කිසිදු ගිවිසුමකට එළඹෙනවාට තරයේ විරුද්ධ වීමට මල්වතු අස්ගිරි පාර්ශව වල හිමිවරුන් සහ කාදිනල් හිමිපාණන් අතීරණයකට එළඹ තිබෙනවා. ඒ අස්ගිරි මහ විහාරයේ අද (31) පැවති සාකච්ඡාවකදීයි.

රජය මගින් විදේශිය රටවල් හා සංවිධාන මෙන්ම ආයතන සමග රටේ ස්වාධීනත්වයට බලපාන යම් යම් ගිවිසුම් වලට එළඹෙන්නේ නම් පොදු මහජන මතය විමසා එය කලයුතු බවට තරයේ අවධාරණය කරන බවයි උන්වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ. අස්ගිරි පාර්ශවයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමි, මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ මල්වතු අස්ගිරි පාර්ශව වල තවත් හිමිවරුන් කිහිප දෙනෙකුගේ අත්සනින් එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා.