Saturday, May 4, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අදයි - ජය ගැනීමට දිමුත් සුදානම්

කසුන් කැළුම්/ තරංග රුක්ෂාන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි  වන පළමු තරගය කාර්ඩිෆ්හිදි අද පැවැත්වෙනවා. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. 

අද තරගය සදහා පවතින සූදානම පිළිබද ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මෙලෙස අදහස් දැක්වූවා.

අද තරගය පැවැත්වෙන තණ තීරුව සම්බන්ධයෙන් ද දිමුත් කරුණාරත්න අදහස් පළ කළා.

දිමුත් කරුණාරත්න ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියක් සඳහා ශී‍්‍ර ලංකා පිලට නායකත්වය ලබාදෙන පළමු අවස්ථාව මෙය වනවා. 

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක්  ඕස්ටේ‍්‍රලියාව හා ඇෆ්ගනිස්තානය අතර දිවා රාතී‍්‍ර තරගයක් ලෙස බි‍්‍රස්ටල්හිදී අද පැවැත්වීමට නියමිතයි.