Saturday, May 4, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෛත්‍රීගේ ප්‍රකාශය කතාබහට

සමන්ත කුමාර/සජිත් තිලකරත්න/ දිල්ශාන් තුෂාර/ ටී.කේ.ජී. කපිල




ජනාධිපතිවරණය දෙසැම්බර් මස 7 වනදා පැවැත්වෙන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා ඉන්දියාවේදී ඊයේ සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වනවා. ඉන්දියාවේදී විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ දෙසැම්බර් 7 වනදා ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කර ඇති බවයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා කියාසිටියේ  ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණය සදහා මුහුණදීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බවයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මතය විමසා සිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුමගෙන්.

මේ අතර ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ රාති‍්‍ර 10.20 ට පමණ යළි දිවයිනට පැමිණියා.