Thursday, May 9, 2024

General line - 0115112241

යෝජිත ගිවිසුම් වලට විරෝධය පා ආගමික නායකයන් එක්වීම පැසසුමට

සමන්ත කුමාර/දිල්ෂාන් තුෂාර




රටට අහිතකර ගිවිසුම් පැරදවීමට සියළු පාර්ශව ආගමික නායකයන් හා එක්විය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මේ බව කියාසිටියේ රටට අහිතකර ගිවිසුම්වලට විරුද්ධවීමට මල්වතු, අස්ගිරි පාර්ශවවල නාහිමිවරුන් සහ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනන් ඊයේ (31) ගනු ලැබූ ඒකාබද්ධ තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

ඊයේ (31) පැවති එම සාකච්ඡාවේදි තීරණය කෙරුණේ වෙනත් රටක හමුදාවකට රටට ඇතුළුවීමට හෝ කදවුරු බැදීමට අවකාශ සලසන හා විදේශිකයන්ට ශී‍්‍ර ලංකා භූමිය අවශ්‍ය පරිදි භාවිත කළ හැකි කිසිදු ගිවිසුමකට එළඹෙනවාට තරයේ විරුද්ධවීමටයි. 

රටේ ස්වාධීනත්වයට බලපාන යම් යම් ගිවිසුම්වලට එළඹෙන්නේ නම් පොදු මහජන මතය විමසා එය කළයුතු බවද උන්වහන්සේලා අවධාරණය කළා. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායකද අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන.