Thursday, May 9, 2024

General line - 0115112241

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ යයි




විදේශ ගමන් බලපත‍්‍ර ගාස්තු අද සිට සංශෝධනය වනවා. 

ඒ, 2019 අයවැය යෝජනා අනුවයි. ඒ අනුව විදෙස් ගමන් බලපත‍්‍ර සැකසීමේදී අයකළ ගාස්තුව රුපියල් 3,000 සිට 3,500 දක්වා ඉහළ යනු ඇති. එක්දින සේවාවෙන් විදෙස් ගමන් බලපත‍්‍රයක් ලබාගැනීමේදී අය කරන ගාස්තුව රුපියල් 10,000 සිට රුපියල් 15,000 දක්වා ඉහළ යන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 3 ක් සදහා වලංගු බලපත‍්‍රයක් නිකුත් කිරීමට අයකළ ගාස්තුව රුපියල් 2,000 සිට රුපියල් 2,500 දක්වා ඉහළ යනවා. එවැනි ගමන් බලපත‍්‍රයක් එක්දින සේවාවෙන් ලබාගැනීමේදී අය කළ ගාස්තුව ඉහළ යන්නේ රුපියල් 5,000 සිට 7,500 දක්වායි. 

විදේශ ගමන් බලපත‍්‍රයේ එක් වෙනස් කිරීම සදහා අයකළ ගාස්තුව රුපියල් 500 සිට 1,000 දක්වා ඉහළ යන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.