Wednesday, May 8, 2024

General line - 0115112241

ඇමෙරිකාව ඉන්දියාවට ලබා දුන් බදු සහන අත්හිටවයි




ඉන්දියාව වෙත ලබාදුන් ජී එස් පී තීරු බදු සහනය අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. 

ඒ ජූනි මස 5 වනදා සිට කි‍්‍රයාත්මක වන පරිදියි. අමෙරිකාව ජී. එස්. පී බදු සහනය හදුන්වා දුන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් යුතුවයි. 

සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන එම සහනය ඉන්දියාවට තවදුරටත් ලබාදිය නොහැකි බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ.  ඒ අනුව අමෙරිකාවට අපනයන කරන ඉන්දීය භාණ්ඩ සදහා ජුනි 5 වනදා සිට තීරුබදු කි‍්‍රයාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.