Monday, May 13, 2024

General line - 0115112241

නියෝමාල් රංගජීවට වෙඩි තැබුවේ සිය අණින් බවට මදූෂ් පිළිගනියි

හේමන්ත කහවලගේ




අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක මාකදුරේ මදූෂ් තමන් මෙහෙය වූ අපරාධ කිහිපයක් පිළිබද තොරතුරු අනාවරණ කර තිබෙනවා. 

ඒ අනුව පාතාල සාමාජිකයෙකු වූ සමයං නමැත්තා ගමන් ගත් බන්ධනාගාර බස් රථයට කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය තමන් විසින් මෙහෙය වූ බව මදූෂ් විසින් පිළිගෙන ඇති බවයි වාර්තා වුණේ. 

පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දල ප‍්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියද තමන් මෙහෙය වූ බව මදූෂ් පිළිගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වුණා.