Monday, May 13, 2024

General line - 0115112241

පූජිතට එරෙහිව විමර්ශනයක් ඇරඹෙයි




අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ ඔහුට එරෙහිව පොලිස් මූලස්ථානයට ගොණුකර තිබූ පැමිණිල්ලක් සම්බන්ධවයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විදුලි සෝපානයේදී එම සෝපානයේ කි‍්‍රයාකරුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත්ව ඇතැයිද සදහන්. 

එම පැමිණිල්ල ගොණුකර ඇත්තේ අදාල සිද්ධියට මුහුණ දුන් විදුලි සෝපාන කි‍්‍රයාකරුයි.