Monday, May 13, 2024

General line - 0115112241

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මෛත්‍රී කතා කරයි




ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ ශී‍්‍ර ලංකා සංචාරය ඉතා වැදගත් අවස්ථාවක් වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. 

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මේ මස 9 වනදා ශී‍්‍ර ලංකාවට පැමිණෙන බවයි ඉන්දීය මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. අග‍්‍රාමාත්‍ය මෝදී සහ තමන් අතර පැවති සාකච්ඡාවේදි දෙරට අතර ආර්ථික හා වෙළද ද්විපාර්ශවික සබදතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා වූ බවද ජනාධිපතිවරයා ඉන්දීය මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා. 

සාක් සංවිධානයේ ප‍්‍රගමණයට පාකිස්තානයේ හැසිරීමෙන් එල්ල වන බලපෑම සහ සාක් සංවිධානය තුළ ශී‍්‍ර ලංකාවේ භූමිකාව කුමක් දැයි මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙනවා. ඊට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ශී‍්‍ර ලංකා රජයේ විදේශ ප‍්‍රතිපත්තිය මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක් බවයි. 

ඒ අනුව සියළු රටවල් මිත‍්‍ර රටවල් ලෙස සලකන බවත් කිසියම් තැනක ගැටුමක් තිබේ නම් ශී‍්‍ර ලංකාව මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.