Thursday, May 9, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ත්‍රිපුද්ගල පරීක්ෂණ වාර්තාවේ සාක්ෂි විමසීම අවසන්

දිල්ශාන් තුෂාර




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩල වාර්තාව එළඹෙන සතියේදී ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා පත් කෙරුණු ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ එම ප‍්‍රහාරය පිළිබඳ සාක්ෂි විමසීම මේ වනවිට අවසන් කර ඇති බවයි. එම සාක්ෂි විශ්ලේෂණය කරමින් අවසන් වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මෙම ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩයි. හිටපු පොලිස්පති එම්. කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන  පද්මසිරි ජයමාන්න එම ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා. 

මෙම ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලය විසින් මීට පෙර ජනාධිපතිවරයා වෙත අතුරු වාර්තා 02ක් ලබා දුන්නා. එම අතුරු වාර්තාවේ ඇතුළත් කරුණු ප‍්‍රසිද්ධියට පත් කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ ද එය මෙතෙක් ප‍්‍රසිද්ධියට පත් කර නැහැ.