Friday, May 10, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති හෙට දිවයිනට




ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න්, දෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණෙනවා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සදහන් කළේ දිවයිනට පැමිණීමෙන් පසු ඔහු හෙට දිනයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත යාමට ද නියමිත බවයි. 

අනතුරුව අනිද්දා දිනයේදී ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්ෂක තත්ත්වය සහ මිනිස් ජාවාරම් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විමට ද නියමිතයි. 

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් වුණා.