Friday, May 10, 2024

General line - 0115112241

රතන හිමි ක්‍රමයෙන් සුව අතට

ඩිල්ෂාන් මඩවල




උපවාසය අවසන් කිරීමෙන් පසු රෝහල්ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වනවිට ක්‍රමයෙන් සුවය ලබමින් සිටිනවා. දින කිහිපයක් නිරාආහාරව සිටීම නිසා උන්වහන්සේ රෝහල්ගත කෙරුණේ කායිකව දුර්වලව සිටියදීයි. 

මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිට උපවාසය සිදු කෙරුණු ස්ථානයේ සිට ගිලන් රථයකින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියා. මහනුවර ශික්ෂණ රෝහලේ රැස්ව සිටි පිරිස් උන්වහන්සේ පිළිගත්තේ සාධුකාර පවත්වමින්. 

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසය අවසන් කළ පුවත සැලවීමෙන් පසු මහනුවර මෙන්ම රටපුරා තවත් ප්‍රදේශ බොහෝමයක ප්‍රීති ඝෝෂා ද පැවැත්වුණා. ඇතැම් ස්ථානවලදී පිරිස් රතිඤ්ඤා ද දැල්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.