Sunday, May 19, 2024

General line - 0115112241

චීනය කෝපයට පත්කරවන ගනුදෙනුවකට අමෙරිකාව අත තියයි




අමෙරිකාව සහ තායිවානය සිදු කිරීමට සුදානම් වන ආයුධ ගනුදෙනුවක් සම්බන්ධයෙන් රොයිටර්ස් පුවත් සේවය අනාවරණයක් සිදු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 02කට ආසන්න වටිනාකමකින් යුත් අවිආයුධ සහ යුද ටැංකි තායිවානයට අලෙවි කිරීමට අමෙරිකාව සූදානම් වන බවයි.

රහසිගත මූලාශ‍්‍රයන් ඔස්සේ ලබා ගත් තොරතුරුවලට අනුව සිදු කර ඇති මෙම අනාවරණයෙන් පැවසෙන්නේ අදාළ ගනුදෙනුව ඇතුළත් ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලය ද දැනුවත් බවයි.

එහෙත් එහි වැඩිදුර තොරතුරු හෙළි කිරීමට මූලාශ‍්‍රයන් අපොහොසත් වූ බවද, රොයිටර්ස් පුවත් සේවය පළ කළ වාර්තාවේ දැක්වෙනවා. 

කෙසේවෙතත් එම පුවත් සේවය මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අමෙරිකාව, තායිවානය හා එක්ව සිදු කිරීමට සැරසෙන මෙම රහසිගත අවි ගනුදෙනුව හරහා චීනය තවත් ප‍්‍රකෝපයට පත්වනු ඇති බවයි.

චීනය යනු අමෙරිකාවේ මෙන්ම තායිවානයේද ප‍්‍රතිවිරුද්ධ මතවාදියෙකු ලෙස ප‍්‍රකටව සිටීම ඊට හේතුව වනවා. අමෙරිකාව මේ වනවිටත් චීනය සමග වෙළඳ යුද්ධයකට අවතීර්ණව සිටින අතර මතභේදාත්මක සෙන්කාකු දූපත සම්බන්ධයෙන් චීනය සිටින්නේ තායිවානය සමග අර්බුදයකයි. ඒ හමුවේ මෙම ගනුදෙනුව හරහා රටවල් 03 අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග‍්‍රවනු ඇතැයි විචාරකයින් පෙන්වා දෙනවා.