Sunday, May 19, 2024

General line - 0115112241

ඉරානය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ට‍්‍රම්ප් කියයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය ප‍්‍රබල ප‍්‍රතිවිරුද්ධ මතධාරියෙකු වන ඉරානය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා.

සිය ප‍්‍රංශ සංචාරය අතරතුරදී ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ බව ප‍්‍රකාශ කළා. අමෙරිකාව පැනවූ සම්බාධක හමුවේ ඉරානය මේවනවිට ජාතියක් ලෙස පරාජයට පත්ව ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. එහෙත්, ඉරානය පරාජිත රාජ්‍යයක් කිරීමට තමන්ට උවමනාවක් නොමැති බව ද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මේවනවිට ඉරානයට අවශ්‍ය වන්නේ සාකච්ඡා මාර්ගයකට එළඹීමට බවත්, තමාද ඒ සඳහා සූදානම් බවත්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. එහෙත්, සාකච්ඡා සඳහා අවතීරණ වන්නේ නම් ඉරානය සිය න්‍යෂ්ටික කි‍්‍රයා අත්හැරිය යුතු බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ. 

කෙසේවෙතත් අමෙරිකාව සහ ඉරානය සාකච්ඡාවකට එක්වන්නේ නම් එහි මැදිහත්කරු ලෙස ජපානය කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සඳහා ඉරානයේ සංචාරය කිරීමට ද ජපන් අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ සූදානමින් සිටන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ෂිංසෝ අබේ එලෙස ඉරානයේ සංචාරයක නිරත වුවහොත් වසර 41කට පසුව ඉරානයට පැමිණෙන පළමු ජපාන අග‍්‍රාමාත්‍යවරයා ද ඔහු වනු ඇති.