Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් පාකිස්තානයට ඉල්ලීමක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයකට සිය ගුවන් කලාපය හරහා පියාසර කිරීමට අවස්ථාව සලසන ලෙස ඉන්දියාව, පාකිස්තානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, කසකස්තානයේ බිෂ්කෙක් අගනුවර පැවැත්වීමට නියමිත ෂැන්හයි සහයෝගීතා සංවිධාන හමුවට සහභාගීවීමට පිටත්ව යාම සඳහායි.

එම හමුව ලබන 13 සහ 14 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන්දියාව හා පාකිස්තානය අතර ඉකුත් දා හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් ගුවන් ප‍්‍රහාර එල්ල වූ බැවින් පාකිස්තානය සිය ගුවන් කලාපය හරහා ගුවන් ගමන් සිදු කිරීම අත්හිටුවනු ලැබුවා. 

එහෙත් ගුවන් සේවා කිහිපයකට සිය රට හරහා පියාසර කිරීමටයි පාකිස්තානය පසුව අවසර ලබා දුන්නේ. ඒ අනුව ඉකුත් මැයි මාසයේදී එවකට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් හටද සිය රට හරහා පියාසර කිරීමට පාකිස්තානය අවසර ලබා දී තිබුණා. එසේම මැයි මාසයේදී සිදු කෙරුණු පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මෙහෙමුද් කොරේෂිගේ මාලදිවයින් හා ශී‍්‍ර ලංකා සංචාරය සඳහා විදේශ අමාත්‍යවරයා රැගත් ගුවන් යානයට සිය ගුවන් සීමාව විවෘත කිරීමට ඉන්දියාව ද කටයුතු කර තිබෙනවා.