Wednesday, May 15, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆිට එරෙහි පැමිණිලි නිසි පදිරි විභාග නොවන බව වෛද්‍යවරු හෙළිකරයි

දිල්ශාන් තුෂාර




ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව ලැබී ඇති පැමිණිලි විභාග කිරීම නිසි පරිදි සිදු නොවන බව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල ශික්‍ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක කියාසිටියේ පැමිණිලි විභාග කිරීමට ජනාධිපති විද්වත් කමිටුවක් පත් කළ යුතු බවයි.

එසේ නොවුනහොතේ මෙම සතිය තුළ වැඩවර්ජනයක් සිදු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන්ද ගැටළුවක් පවතින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට විරෝධය පළ කරමින් ඊයේ (09) දහවල් ඇඹිලිපිටිය සහ කළුතරදී විරෝධතාවක් පැවැත්වුණා. ඔහුට එරෙහිව මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 902 ක්.