Thursday, May 16, 2024

General line - 0115112241

සිවිල් සංවිධාන කිහිපයක් කථානායකගෙන් ඉල්ලීමක් කරයි

හර්ෂිකා සංජීවනී




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු කිසිඳු බලපෑමකින් තොරව අඛණ්ඩව කර ගෙන යාමට අවකාශය සලසා දෙන ලෙස සිවිල් සංවිධාන කිහිපයක් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

ප‍්‍රධාන පෙළේ සිවිල් සංවිධාන ප‍්‍රධානීන් පිරිසක් ඊයේ (10) පස්වරුවේ කථානායකවරයා හමුවී මෙම ඉල්ලීම කළ බවයි කථානායක කාර්යාලය පැවසුවේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් මේ දක්වා විවිධ පාර්ශ්ව පළ කර ඇති අදහස් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමේදී සැලකිල්ලට ගැනීමට අපේක්ෂා කරන බව කථානායක කරු ජයසූරිය මහතා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ මතය ද පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන බවයි කථානායකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. 

අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (11) පස්වරු 02.00ට යළි රැස් වනවා. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ ජමෙයිතුල්ලා උලමා සංවිධානයේ සභාපතිවරයා අද මෙම විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. ඊට අමතරව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙනු ඇති.