Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්දියාවේ චෙන්නායි නුවරට දරුණු ජල හිගයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියන් දරුණු ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා. බලධාරීන් පවසන්නේ දින 200කින් පමණ චෙන්නායි නුවරට වර්ෂාවක් ලැබී නොමැති බවයි. ඒ හමුවේ බීමට ජලය ලබා ගැනීමට පවා චෙන්නායි වැසියන් දිගු පෝලිම් වල රැඳී සිටින බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

ඇතැම් පුද්ගලයින් අධික මිලක් යටතේ පෞද්ගලික සමාගම්වලින් ජලය මිලදී ගන්නා බවද සඳහන්. හිගයක් පවතින බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි චෙන්නායි නුවර පිහිටි හෝටල්වල රැඳී සිටින සංචාරකයින් ද දැනුවත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ චෙන්නායි නුවරට ජල ලීටර් ලක්ෂ 20ක් පමණ සැපයීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. තමිල්නාඩු ප්‍රාන්තයට අයත් චෙන්නායි නගරය සැලකෙන්නේ ඉන්දියාවේ හයවන විශාලතම නගරය ලෙසයි.