Sunday, May 19, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් ඉරානයට "සයිබර්" ප්‍රහාරයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරානයේ ආයුධ පද්ධතිය මෙහෙයවන පරිගණක පද්ධතිය ඉලක්ක කර අමෙරිකාව මගින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය භාවිත කරන රොකට් සහ මිසයිල විහිදුම් පාලනය කෙරෙන පරිගණක පද්ධතිය මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවයි. ඒ හමුවේ එම පරිගණක පද්ධතිය අක්‍රීය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

සති කිහිපයක් පුරා සිදු කළ සැලසුමකට අනුව අමෙරිකාව මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ, ඉකුත් දා ඉරානය මගින් අමෙරිකාවට අයත් නියමුවන් රහිත ගුවන් යානයක් බිම හෙළීමට පලිගැනීමක් ලෙසයි. කෙසේවෙතත් මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.