Sunday, May 19, 2024

General line - 0115112241

ඉතියෝපියානු හමුදාවේ ප්‍රධානියෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉතියෝපියානු හමුදාවේ කාර්යය මණ්ඩල ප්‍රධානී ජනරාල් සාරේ මෙකෝනන් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ජනරාල් මෙකෝනන්ගේ ආරක්ෂක නිලධාරියා විසින් අඩිස් අබාබා අගනුවරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි. එය කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවත් විදෙස් වාර්තාවන්හි සඳහන්. ඝාතනය සිදු කළ ආරක්ෂක නිලධාරියා පසුව අත්අඩංගුවට ගැනුණා. 

මේ අතර ඉතියෝපියාවේ අම්හාරා කලාපයේ නගරාධිපතිවරයා සහ ඔහුගේ උපදේශකයෙකු ද ඝාතනයට ලක්ව තිබෙනවා. අම්හාරා කලාපයේ පාලනාධිකාරියට එරහිව දියත් කිරීමට උත්සහ දැරූ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනයන් සිදුව ඇති බවයි පැවසෙන්නේ. එම කලාපයේ ආරක්ෂක ප්‍රධානියා විසින් කුමන්ත්‍රණය මෙහෙයවන බවට චෝදනා එල්ල වනවා. එහෙත් ඔහු අත්අඩංගුවට පත්ව ඇත්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කර ඇතැයි ජාතික අමතමින් ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබී අහමඞ් ප්‍රකාශ කළා. රට බෙදා වෙන් කිරීමට උත්සහ දරණ බලවේග හමුවේ එක්ව නැගී සිටින ලෙසයි අග්‍රාමාත්‍යවරයා ඉතියෝපියානු වැසියන්ගෙන් ඉල්ලා සිටියේ.

දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින්නැයි අමෙරිකානු රජය ද ඉතියෝපියාවේ සිටින සිට රාජ්‍ය තාන්ත්‍රිකයින්ට දැනුම් දී තිබෙනවා.