Sunday, May 19, 2024

General line - 0115112241

සෞදි අරාබියේ පිහිටි ගුවන් තොටුපල දෙකක් ඉලක්ක කර ප‍්‍රහාර

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදි අරාබියේ පිහිටි ගුවන් තොටුපල දෙකක් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ සෞදියේ අබා සහ ජිසාන් ගුවන් තොටුපලවල් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි. ඉරානයේ සහය ඇති සටන්කාමීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ. 

අබා ගුවන් තොටුපල, දිනකට දෙස් විදෙස් ගුවන් මගීන් දහස් ගණනක් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන ගුවන් තොටුපලක් ලෙස ප‍්‍රකටයි. එම ගුවන් තොටුපල ඉලක්ක කර එල්ල වුණු මෙම ප‍්‍රහාරයෙන් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සිරියානු ජාතිකයෙක්.