Sunday, May 19, 2024

General line - 0115112241

ඉරානයේ උත්තරීතර නායකයාට හිමි වත්කම් ඉතිරි නොකරන බවට ට්‍රම්ප් අවධාරණය කරයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට එරෙහිව අමෙරිකාව මගින් සම්බාධක පනවා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් මෙම නව සම්බාධක ප‍්‍රකාශයට පත් කර ඇති බවයි.

උත්තරීතර නායකයාට අමතරව ඉරානයේ ජ්‍යෙෂ්ඨ කමාන්ඩෝවරුන් 08දෙනෙකුට එරෙහිවද ජනාධිපති ට‍්‍රම්ප් විසින් සම්බාධක පනවා තිබෙනවා.

අමෙරිකාවට අයත් නියමුවන් රහිත ගුවන් යානයක් ඉරානය ඉකුත් දා බිම හෙලූ අතර ඊට ප‍්‍රතිචාර ලෙසයි ජනාධිපති ට‍්‍රම්ප්, ඉරානයට එරෙහිව මෙලෙස නව සම්බාධක පනවා ඇත්තේ. ඒ අනුව ඉරානයේ උත්තරීතර නායකයාට හිමි කාර්යාලයක් හෝ වත්කම් කිසිවක් ඉතිරි නොකරන බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයෙකු විසින් ඉරානයේ පාලන බලතල මෙහෙයවුවද, එරට ඉහළම පාලනාධිකාරිය වන්නේ උත්තරීතර නායක තනතුරයි. එම තනතුර මගින් රටේ පාලන තන්ත‍්‍රයට වගකියනු ලබනවා. 

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය හරහා ඉරානය උදහසට ලක් කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව සිය රටට එරෙහිව එල්ල වූ සම්බාධකවලට ප‍්‍රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ අමෙරිකාව යුද පිපාසයෙන් පෙළෙන බවයි.