Friday, May 3, 2024

General line - 0115112241

ඕමන්තේ කැළෑවකින් බෝම්බ තොගයක් හමුවෙයි

මාධව කුලසූරිය




වව්නියාව,  ඕමන්ත, ඉලයමරදන්කුලම කැළෑ ප‍්‍රදේශයක තිබී බිම්බෝම්බ තොගයක් සොයාගෙන තිබෙනවා. උරයක් තුළ බහා තිබූ බිම්බෝම්බ 25 ක් මෙහිදී සොයාගත් බවයි  ඕමන්ත පොලීසිය පැවසුවේ. එහි තිබී ආර් පී ජී උණ්ඩයක්ද සොයාගෙන තිබෙනවා.

එල් ටී ටී ඊ සංවිධානය යුද සමයේදී නැවත භාවිත කිරීමේ අරමුණින් මෙම බිම්බෝම්බ තොගය සගවා තබන්නට ඇති බවටයි ආරක්‍ෂක අංශ සැක කරන්නේ. සිද්ධිය පිළිබද  ඕමන්ත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.