Friday, May 3, 2024

General line - 0115112241

රතන හිමිගේ පැමිණිල්ල : වෛද්‍ය ෂාෆි ගැන වාර්තාවක්, වැඩබලන පොලිස්පති CID යෙන් කැඳවයි




කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් පිළිබඳව සිදුකරන විමර්ශනවල වාර්තාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් කැඳවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ පාර්ලිමෙන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතනහිමියන් විසින් ඊයේ (28) දින වැඩබලන පොලිස්පතිවරයා වෙත සිදුකළ ලිඛිත පැමිණිල්ලකට අදාලව මෙම වාර්තාව කැඳවා ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අදාළ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් එවන ලෙස දන්වා ඇති බවයි.

රතන හිමි විසින් කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ව ඇත්තේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳ විමර්ශන නිසිආකාරව සිදු නොවන බවයි.

එම වාර්තාවේ කරුණු මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටියි