Friday, May 3, 2024

General line - 0115112241

පොලිස් වෙස්ගෙන කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු වෙන්නප්පුවේදී අත්අඩංගුවට

ජූඞ් සමන්ත




පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා පුද්ගලයින් පැහැර ගෙන ගොස් රන් ආභරණ කොල්ලකෑ සැකකරුවන් පස් දෙනෙකු වෙන්නප්පුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර වැඩතහනමට ලක් වූ උපපොලිස් පරීක්‍ෂකවරයෙකුද සිටින බවයි අනාවරණ වී ඇත්තේ. මරදාන, බොරැල්ල, වරකපොල සහ කල්පිටිය යන ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයන් 5 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහමග ගමන් කරන වැඩිහිටි පිරිමි සහ කාන්තාවන් ති‍්‍රරෝද රථවලින් පැහැරගෙන ගොස් සැකකරුවන් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. වෙන්නප්පුව, මීගමුව, ජාඇල, කඩවත, හලාවත සහ මාරවිල ඇතුළු ප‍්‍රදේශ කිහිපයක මොවුන් විසින් සිදුකළ කොල්ලකෑම් 15 ක තොරතුරු හෙළිකර ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් කොල්ලකන ලද රුපියල් ලක්‍ෂ 8 ක් පමණ වටිනා රන් ආභරණ තොගයක්ද සොයාගත් බවයි වෙන්නප්පුව පොලීසිය පැවසුවේ.