Friday, May 3, 2024

General line - 0115112241

අධිකරණ පද්ධතියට අමෙරිකාවේ අතපෙවීමක් විපක්‍ෂ නායක හෙළි කරයි

දිල්ශාන් තුෂාර




මෙරට අධිකරණ ක්‍ෂේත‍්‍රයට අමෙරිකානු උපදේශකවරුන් පත් කර ගැනීමේ සූදානමක් පිළිබද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අනාවරණයක් සිදුකළා. ඒ, මාතර දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

" පාර්ලිමේන්තුව තුල උපදේශකයෙක් ඉන්නවා. එයාට පඩි ගෙවන්නේ අමෙරිකාවේ රාජ්‍ය සමාගමකින්. පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර තැනක්. ඒ උපදේශකවරයාට වැටුප් ගෙවන්න අවශ්‍ය බව කිව්වා නම් ඒ සඳහා අවසර දෙන්න තිබ්බා. නමුත් දැන් ඒ උපදේශකවරයාට වැටුප් ගෙවන්නේ අමෙරිකාවෙන්", විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.

වත්මන් අමාත්‍යවරුන් නීතිපතිවරයා නිවසට ගෙන්වා නඩු පැවරීමට උපදෙස් ලබාදෙන තත්ත්වයකට රට පත්ව ඇති බවයි විපක්‍ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.